රටම ගිනි තැබූ සමාජ මාධ්‍ය ජලා 92ක් හඳුනා ගැනේ..!

Nihal Talduwa Sri Lankan protests Sri Lanka Sri Lanka Social Media
By Sewvandhi May 14, 2022 01:29 PM GMT
Report

ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය 9 වැනි දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92 කු අද වන විට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 

එම පරිපාලකවරුන් මෙන්ම එම අපරාධ සඳහා සම්බන්ධ වූවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් වසර පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now