ඔබත් සමාජ මාධ්‍ය කණ්ඩායම් වල සිටින අයෙක්ද..? සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ප්‍රවේසම්වන්න..! පොලීසිය නිකුත්කළ නවතම නිවේදනය මෙන්න..

Sri Lanka Army Sri Lanka Police Sri Lankan protests SL Protest Sri Lanka Social Media
By Sewvandhi May 11, 2022 12:50 PM GMT
Report

දැනට රට තුළ පවත්නා ප්‍රචණ්ඩකාරී තත්වය හේතුවෙන් විනාශ වූ ජීවිත දේපළ මෙන්ම වාහන හානි සඳහා සමාජ මාධ්‍යය භාවිතා කර මිනිසුන් රැස් කරහොත් නීතිමය පියවර ගන්නා බවට පොලිසියෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවන ලද වට්ස්ඇප් සමූහයන් 59 ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනව

ඔවුන්ට එරෙහිව පරිඝනක අපරාධ පණත සහ අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට නියමිතයි.

මේ අතර ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් 1997 – 118  හරහා තොරතුරු ලබාදෙන්නැයි පොලිසිය ඉල්ලීමක් කරනවා.

මීට අමතරව ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට වෙඩි තබන්නැයි සියලු පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක්ද කර තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය පහතින්... 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery