09වන දා සිදු වූ කලහකාරී තත්ත්වයේ දී දේපළ විනාශ කළ පුද්ගලයන්ට වුන වැඩේ..

Sri Lanka Police Go Home Gota Sri Lanka Politician Sri Lanka Gota Go Home 2022
By krishani May 15, 2022 06:32 AM GMT
Report

පසුගිය 09 වනදා සිදු වූ කලහකාරී තත්ත්වය තුළ මැති ඇමතිවරුන්ගේ දේපළ විනාශ කිරීමට සම්බන්ධ සැකකරුවන් 80කට වැඩි පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ විවිධ ප්‍රදේශවලින් එම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.

කෙසේවෙතත් මැති ඇමතිවරුන්ගේ නිවාස 55කට පමණ විරෝධතාකරුවන් හානිකර ඇති බවත් දිවයින පුරා රථවාහන 200කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුකර තිබූ බවත්  පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පොලිස්පතිවරයාට දෝෂාරෝපණය එල්ල වූ අතර එහිදී අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර ඇති බවත් වාර්තා විය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join