පොහොට්ටු ආධාරකරුවන් ගෝල්ෆේස් පිටියට කඩා වදී.. පොලිසිය ඔවුන් වළක්වාලීමට දැඩි උත්සහයක.. ගාලුමුවදොර උණුසුම් වෙයි.. එහි නවතම තත්ත්වය මෙන්න.. (VIDEO)
අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගමේ’ විරෝධතාකරුවන් පළවා හැරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් මේ වන විට ගාලු මුවදොර පිටියේ අරගල භූමිය වෙත පැමිණි තිබේ.
පොලිස් නිලධාරීන් ද එම පිරිස වැළැක්වීමට උත්සහ කළ අතර එය ව්‍යර්ථ විය. අනතුරුව පොලිසිය ද එම ස්ථානය වෙත දිව යන අයුරු දැකගන්නට හැකි විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ‘මයිනාගෝගමේ’ විරෝධතාවයේ නිරත පිරිස පළවා හැරීමට කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත් අතර ඔවුන් විරෝධතාකරුවන් විසින් ඉදි කරනු ලැබූ අට්ටාල සහ විරෝධතා පුවරු ගලවා ඉවත් කර ගිනි තබා විනාශ කර දැමීමට කටයුතු කර තිබිණි.
අදාළ පිරිස අද (මැයි 9) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉවත් නොවන ලෙස බල කරමින් අරලියගහ මන්දිරය වෙත පැමිණ උද්ඝෝෂණයක නිරත විය.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම පිරිස ඇමතීමට කටයුතු කළ අතර ඉන් පසු අරලියගහ මන්දිරයෙන් ඉවතට පැමිණි පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් මෙලෙස කහලකාරී ලෙස හැසිරී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |