''අත්තාට උදේට කන්නත් නෑ.දවල්ට කන්නත් නෑ." - අම්මාවරුන් පමණද මතු බුදු වෙන්නේ.. ආහාරපාන නොමැතිව හැට හැවිරිදි පියෙක් එල්ලී මරුට.. (VIDEO)
ආර්ථික පීඩනය දරාගත නොහැකි ව හැට හැවිරිදි පියකු ගෙල වැල ලාගෙන මිය ගොස් ඇත.ඒ ගල්ගමුව - වලස්වැව පදිංචි ව සිටි පුද්ගලයකු යි මෙලෙස මරණයට පත් වී ඇත්තේ.
මොහු තම බිරිඳ සමඟ කුඩා පැල්පතක ජීවත්ව, රැකියාව ලෙස හේන් ගොවිතැන හා කුලී වැඩ සිදු කරමින් හිඳ ඇති අතර පුහුල් වගාවක් ද සිදු කරගෙන ගොස් ඇත.තෙල් පොහොර නො මැති වීම නිසා එය ද අසාර්ථක වී තිබෙනවා.
වත්මන් අර්බුද තත්ත්ව හමුවේ අහාර පාන පවා නිසි පරිදි සපයාගැනීමට නො හැකි වීම නිසා, මොවුන් කලක පටන් ජීවත් වී ඇත්තේ, අතිශය අසීරු තත්ත්වයක යි. මෙම පියා පසුගිය 29 වැනි දා උදෑසන නිවසින් පිට ව ගිය බවත් සවස් වන තුරුම ඔහු නිවසට නො ආ බවත් පවසන ඔහුගේ බිරිඳ පවසන්නේ, තමන් ඒ බව මිනිබිරියට දන්වා සිටි බව යි.
කෙසේවෙතත් මිනිබිරිය හේනට ගොස් විපරම් කිරීමේ දී මිය ගිය පුද්ගලයාගේ එල්ලී මිය ගිය නිසල සිරුර ගසක තිබෙද්දී හමු වී ඇති බව යි වාර්තා වන්නේ.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |