ජනප්‍රිය ගායන ශිල්පී අජිත් අම්බලන්ගොඩ අවාසනාවන්ත ලෙස මෙලොව හැරයයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 01, 2022 11:19 AM GMT
Report

ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම වාදන ශිල්පියෙකු වූ අජිත් අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අම්බලන්ගොඩ, පෝරඹ හන්දියේදී ඊයේ (31) සවස සිදු වූ රිය අනතුරකින් ප්‍රදේශයේ ජනප්‍රිය සංගීත ශිල්පියා  මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේම පදිංචි (50) හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා ගමන් කළ යතුරුපැදිය කුඩා ලොරියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි සඳහන්. ඔහු එක් දරු පියෙක් වන අතර මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් අද (01) දින පැවැත්වීමට නියමිතයි.

සිද්ධියට අදාළ අනතුර සිදුකල ලොරි රථයේ රියදුරු ඊයේ (31) රාත්‍රියේම අම්බලන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු අම්බලන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි (46) හැවිරිදි අයෙක්.

ඔහු අද (01) බළපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ (31) සවස 5.50 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බවයි අම්බලන්ගොඩ පොලිසිය කියාසිටියේ.

මියගිය ගායන ශිල්පියා නිවසේ සිට අම්බලන්ගොඩ නගරය දෙසට සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අම්බලන්ගොඩ දෙස සිට පෝරඹ දෙසට පැමිණි ලොරියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බවට අම්බලන්ගොඩ පොලිසිය පරික්ෂණවලදී තහවුරු කරගෙන තිබෙනවා.

අනතුරින් පසුව සැකකරු පලාගොස් සැඟව ඇති අතර CCTV කැමරා උපයෝගී කරගෙන සැකකරු හා අනතුර සිදුකල රථය පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

පසුව අම්බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශය, අදාළ අනතුර සම්බන්ධයෙන් භාරවන ලෙස සැකකරුට දැනුම් දෙන ලෙස ඔහුගේ නිවැසියන්ට දැනුම් දී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා.

අදාළ දැනුම් දීමට අනුව සැකකරු ඊයේ (31) රාත්‍රියේම හික්කඩුව පොලිසියට භාර දී ඇති අතර එදිනම රාත්‍රී අම්බලන්ගොඩ පොලීසිය ඔහු අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

 සැකකරු අනතුර සිදුවන අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිට ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි අම්බලන්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

සැකකාර රියදුරාද සංගීත ශිල්පියෙක් වන අතර මියගිය ගායන ශිල්පියා සහ සැකකරු එක්ව සිය සේවාව සපයා ඇති බවටයි පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ. සැකකරු මියගිය පුද්ගලයාගෙන් සංගීතය ඉගෙන ගෙන තිබෙන බව ද අනාවරණ වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now