මැයි 17 වන දා ශ්‍රීපාදස්ථානයේ වන සුවිශේෂී දෙයක් පිළිබඳව ප්‍රකාශයක්..

Sri Lanka
By krishani May 14, 2022 04:29 AM GMT
Report

2021-2022 වර්ෂය සඳහා වූ ශ්‍රී පාද වන්දනා වාරය මැයි මස 17 වැනි දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පවසයි.

ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසන උන්වහන්සේ වෙසක් පොහෝ දෙදින (15,16) ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමට හැකි බවත්, 17 වැනි දින දහවල් ශ්‍රී පාද උඩ මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන්වලින් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව,සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුධ හමුදා භට පිරිස් සහයෝගය ඇතිව රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය, බගවන්තලාව - බලංගොඩ මාර්ගය ඔස්සෙත්,නල්ලතන්නිය, ලක්ෂපාන, කළුගල, යටියන්තොට, අවිස්සාවේල්ල - රත්නපුර හරහා යන මාර්ග තුන ඔස්සේ පැල්මඩුල්ල - ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා වැඩම කෙරෙනු ඇති බවත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join