රසම රස ඉස්සෝ මසාලා හදමු..
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
ලොකු පොඩි හැමෝම කන්න ආස දෙයක් තමයි ඉස්සෝ මසාලා කියන්නේ රසම රස ඉස්සෝ මසාලා හදන විදිය තමයි මේ
අවශ්‍ය ද්‍රව්‍ය -
- සුද්දකරගත් ඉස්සන් 500g
- මිරිස් කුඩු තේ හැඳි 3ක්
- කහ කුඩු තේ හැඳි 1/2ක්
- සිහින්ව ලියා ගත් බී ළූණු ගෙඩි 3ක්
- සිහින්ව ලියගත් අමු මිරිස් කරල් 1ක්
- කරපිංචා
- තලාගත් කරදමුංගු කරල් 2ක්.
- කරාබු නැටි කරල් 2ක්
- කුරුදු පොත්තක්
- අඹරාගත් ඉඟුරු
- සුදු ළූනු මේස හැඳි 1ක්
- එලවලු තෙල් අඬු කෝප්ප 1/2ක්
- ලුණු
- දෙහි බෑයක ඉස්ම
සාදා ගන්නා ආකරය -
- ඉස්සන් ටික සුද්දකරල ඒකට දෙහි ඉස්ම , කහ, ලුනු ටිකක් දාල හොඳින් අතගාල ආයෙ ගන්න තුරු ෆ්‍රිජ් එකේ දාල තියන්න. ඉස්සන් සුද්දකරපු ගමන්ම මේ වැඩේ කරන්න ඕන. ඉන්පස්සෙ හදන්න ගන්නකොට මේක ෆ්‍රිජ් එකෙන් එලියට ගන්න. මිරිස් කුඩු තේ හැඳි 3, කහ කුඩු තේ හැඳි 1/2 එකට කලවම් කරල ඒකට වතුර මේස හැඳි 1ක් දමා පේස්ට් එකක් හදාගන්න. සාස්පාන ලිපේ තියල ඒකට තෙල් දමන්න.
- තෙල් ටික හොඳින් රත්වෙනකොට ඒකට ලියාගත් ළූනු ටික දමන්න. එයටම ලුණු කුඩු ටිකකුත් ඉහල විනාඩි 3ක් පමණ හොඳින් බැදගන්න. ළූණු රනවන් පට වෙනකොට ඒකට ඉඟුරු, සුදු ළූණු, අමුමිරිස් දමන්න. විනාඩියකට පමණ පසු තක්කාලි එකතුකරන්න. ඉන්පස්සෙ පියනකින් වසා විනාඩි 2ක් පමන තබන්න. ඉන්පසු පියන ඇර හොඳින් මිශ්‍රකරන්න. දැන් කරදමුංගු, කරාබු නැටි කුරුඳු එකහුකරන්න. ඉන්පස්සෙ අපි හදා ගත්ත මිරිස් කුඩු , කහ කුඩු පේස්ට් එකතු කරන්න. දැන් පියන වසා විනාඩි ක් පමන වසා තබන්න. විනාඩි 2කට පමණ පසු සීනි එකතුකරන්න. දැන් ඉස්සන එකතුකරන්න. වතුර කෝප්ප 1/4ක් එකතුකරන්න. කරපිංචා එකතුකර මද ගින්නේ පිසගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |