වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබයි..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 31, 2022 05:15 AM GMT
Report

හික්කඩුව - තිරාණගම ප්‍රදේශයේ දී අද (31) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු කර ඇත.

නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.

වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදියි මෙම අනතුරට මුහුණදී ඇත්තේ.

තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.