27 හැවිරිදි තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි.
Police spokesman
Sri Lanka Police
Shooting
Death
Gun Shooting
By Aruna
මින්නේරිපොලිස් වසමේ රොටවැව, ගල්ලඔය ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ,
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මාමා විසින් බෑනාට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි.
ඊයේ (26) රාත්‍රී කාලයේ දී වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මින්නේරිය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරනවිට ඔහු මියගොස් සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මියගොස් ඇත්තේ, 27 හැවිරිදි රොටවැව, ගල්ඔය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්..
වෙඩිතැබීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන බෙහෙත් කොටන තුවක්කුව ද සමඟ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (27) දින හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මින්නේරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.