වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Aug 21, 2023 05:06 PM GMT
krishani

krishani

in අපරාධ
Report

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් වන අතර ඔහු රත්මලාන අරලිය නිවාස හි පදිංචිකරුවෙකු බවට වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ඔහු වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලේ සේවයේ නිරතව සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ.

කෙසේ වෙතත්, මෘත දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.