වෙඩි තැබීමක් - පුද්ගලයෙක් තුවාල ලබයි.

Sri Lanka Police Shooting Sri Lanka Crime Gun Shooting
By krishani Aug 12, 2023 06:23 AM GMT
Report

අද (12) උදෑසන මීගමුව - දුන්ගල්පිටිය ප්‍රදේශයේ ලෙල්ලමේ දී සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.

එලෙස තුවාල ලැබූ තරුණයා පසුව මීගමුව රෝහළට ඇතුළත් කර ඇති අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 25 ක් වයසැති පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.