පාසල් වෑන් ගාස්තු ගැන විශේෂ තීරණයක්

Sri Lanka Petrol diesel price Latest Headlines schools Sinhala news
By R.rishma Nov 02, 2026 06:12 AM GMT
Report

ඩීසල් මිල ඉහළ ගියද මේ අවස්ථාවේදී පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට බලාපොරොත්තු නොවන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති නමුත් දෙමාපියන්ට තවදුරටත් ආර්ථික බරක් පැටවීමට තම සංගමයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි.

එමෙන්ම, ඩීසල් මිල අඩු කිරීමට රජය කටයුතු කරන්නේ නම් එම සහනය පාසල් ළමුන්ගේ දෙමාපියන් වෙත ලබාදීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

“ඩීසල් මිල වැඩි කළත් අපි පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් නම් ඩීසල් මිල කීයකින් හරි අඩු කරලා දෙන්න. එහෙම වුණොත් ඒ සහනය දෙමාපියන්ට ලබාදෙන්න අපට පුළුවන්”

යනුවෙන් මල්ශ්‍රී ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.