තරුණයින් දෙදෙනෙකු ඉලක්ක කරගත් වෙඩිල්ලක් - වහාම රෝහල්ගත කරයි.

Sri Lanka Police Shooting Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 03, 2023 05:11 AM GMT
krishani

krishani

in අපරාධ
Report

කුච්චවේලි සිට එරක්කන්ඩි දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ ලුණු ලේවායට ජලය සපයන ඇළ මාර්ගය අසල කැලෑ ප්‍රදේශයක සැඟව සිටිමින් කිසියම් පුද්ගලයෙකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

එයින් තරුණයින් දෙදෙනා තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අවුරුදු 17 සහ 21 හැවිරිදිබියේ පසුවන තරුණයින් දෙදෙනෙක් වන අතර ඔවුන්ගේ පාද වලට වෙඩි වැදී ඇත.

කෙසේවෙතත්, වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.