ඇඹිලිපිටියම සලිත වී ගිය වෙඩි හුවමාරුව - පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police STF Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Jun 24, 2023 05:30 AM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (24) අලුයම, ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු ජිවිතක්ෂයට පත් විය.

ඒ වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ මෙහෙයුමක දී ය.

එහිදී ඔහු විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩිතබා ඇති අතර එයට STF නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

එයින් පසුව මෙම සැකකරුට වෙඩිවැදී තිබෙනවා.

මෙලෙස මියගොස් සැකකරු වයස අවුරුදු 22 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හිටපු හමුදා සෙබළෙක් ය.

සැකකරු පසුගියදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට සහ අම්බලන්ගොඩදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු වේ.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.