ඉලක්කය වැරදී ගිය වෙඩි ප්‍රහාරය.

Sri Lanka Police Shooting Sri Lanka Crime Gun Shooting
By krishani May 26, 2023 02:28 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (25) රාත්‍රී වතුගෙදර - ආදාදොල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

නමුත් එහිදී වෙඩික්කරුට ඉලක්කය වැරදි ඇති බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ ය.

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඔහු අසල්වාසී නිවසක පැවති මඟුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියෙන් යමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join