ශිරන්ති රාජපක්ෂ ලබන 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

Bribery Commission Sri Lanka Shiranthi Rajapaksa Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 13, 2026 09:39 AM GMT
Report

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදිනට කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එතෙක් ඇප සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන බව ද සඳහන් කළේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.