කාන්තාවක් සිර කරගෙන ලිංගික හිරිහැර සිදුකළ කොස්තාපල්වරුන්

Sri Lanka Police Sri Lanka Sexual harassment Crime
By Sewvandhi Oct 19, 2022 02:34 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කාන්තාවක් සිර කරගෙන ලිංගික හිරිහැර සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ට අද (19) අධිකරණයේදී දඬුවම් නියම කෙරුණි.

ලිංගික හිරිහැර ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ පොලිස් කොස්තාපල්වරු දෙදෙනාට එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 10 බැගින් සිරදඬුවම් නියම කළේය.

ඊට අමතරව රුපියල් 15,000ක් බැගින් දඩ ගෙවන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර තිබේ. එම්. ජයරත්න හා එස්. විජේසිංහ යන දෙදෙනාට මෙසේ සිරදඬුවම් නියම වුණි.

2015 වසරේ දී පිටකොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ විත්තිකරුවන් දෙදෙනා කාන්තාවක අයුතු ලෙස සිරගත කරගෙන අතවර කර ඇතැයි චෝදනාවල සඳහන් බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now