එකම පාසලේ සිසුවියන් දෙදෙනෙකු සියදිවි නසාගනී..අභිරහස් මරණ ගැන සැකයක්.

Police Sri Lanka Suicide Schoolgirls Mahanuwara school
By Aruna Dec 17, 2021 04:22 AM GMT
Report

දෙමාපියන් සමග උරණ වූ කෝටිපති දියණිය ගත් මෝඩ තීරණය ජංගම දුරකතනය භාවිතයෙන් පවත්වාගෙන ගිය පෙමක් ගැන දෙමාපියන් තරවටු කිරීම ගැන උරණ වූ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියක් නාන කාමරයේදී සිරුරට ගිනි අවුලා ගනිමින් දිවි හානිකරගෙන ඇත.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ගලහ අන්නාසිවත්ත පදිංචි 19 හැවිරිදි දැරියකි.

මෙම සිදුවීම පෙරේදා (15 වැනිදා) උදෑසන 10.30 ට පමණ සිදුව ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේද ඉහළින්ම සමත් වී උසස් පෙළ විභාගය සඳහා සූදානමින් සිටි මැය කෝටිපති පවුලක දියණියකි.

ඇයගේ මව ගුරුවරියක වන අතර පියා ගලහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

මෙම දැරිය නිවැසියන්ට නොදන්වා ජංගම දුරකතනයක් භාවිතා කර ඇත.

එම ජංගම දුරකතනය හා එහි තිබූ පණිවුඩයක් තම සහෝදරයාට හා දෙමාපියන්ට හසුවී ඇත.

එහිදී ඇයට පෙම්වතෙකු සිටින බව කියා දෙමාපියන් දැඩිව අවවාද කිරීම ගැන උරණවී දැරිය මෙසේ සියදිවි හානි කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

නාන කාමරයට ගොස් දොර අගුළු වසාගෙන ලීටර් දෙකහමාරක භූමිතෙල් කෑනයක් හා ලීටර් භාගයක භූමිතෙල් කෑනයක් සිරුරට දමාගනිමින් ගිනි තබාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.

සියදිවි නසාගත් මෙම දැරිය හා පසුගියදා (09 වැනිදා) මහනුවර කළුපාලමෙන් මහවැලි ගඟට පැන සියදිවි නසාගත් බව කියන දැරියත් එකම පාසලක ඉගෙනුම ලබන දැරියන් බැවින් මෙම මරණ දෙක අතර සම්බන්ධයක් ඇත්දැයි විශාල සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

ගලහ පොලිසියේ පොලිස් පරීක්ෂක ඩී.ආර්. තල්වත්තගේ මූලිකත්වයෙන් සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now