කොරෝනා පාසල් දැරියක් බිළිගනියි..රටම කම්පා කරන සිදුවීම මෙන්න. .

Covid Education Healthy School student Covid death Naththandiya thambowa
By Aruna Jan 31, 2022 12:07 AM GMT
Report

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) මියගිය බව එම රෝහලේ වෛද්‍යවරයෙක් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවියෙකි.

මෙම සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුරු වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකට ඇතුළත්ව ප්‍රතිකාර බමින් සිටියදී මියගියේය යැයි පවුලේ ඥාාතියෙක් පැවසීය.

මෙම සිසුවියට ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී ඇති බව ඊට අදාල කළ පරීක්‍ෂණවලින් තහවුරු වී ඇතැයි වෛද්‍යවරයෙක් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now