යළි සියලු පාසල් ආරම්භය සහ උසස් පෙළ විභාගය ගැන ආරංචිය මෙන්න..

Ministry of Education G.C.E.(A/L) Examination Sri Lankan Schools Education
By Aruna Jan 30, 2024 07:34 AM GMT
Report

අවලංගු කරන ලද කෘෂිකර්ම විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රය නැවත පෙබරවාරි 01 වැනිදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

යළි සියලු පාසල් ආරම්භය සහ උසස් පෙළ විභාගය ගැන ආරංචිය මෙන්න.. | School Start And A L Exam

මේ අතර, 2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර ලබන 05 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මෙලෙස කල්යෑමට හේතුවූයේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමයි.

2023 වසරේ 03 වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනිදා ආරම්භ කිරීමට මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණා.

නැවත එම විෂය පැවැත්වීමට තීරණය කෙරුණේ, උසස් පෙළ කෘෂි විද්‍යාව එක සහ දෙක ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙනි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වනදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි පළමු කොටස එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

Sponsored By Sarrita Jewellery

යළි සියලු පාසල් ආරම්භය සහ උසස් පෙළ විභාගය ගැන ආරංචිය මෙන්න.. | School Start And A L Exam