පාසලක බිහිසුණු වෙඩි තැබීමක්..21ක් මරුට..(PHOTOS)

United States of America
By Aruna May 25, 2022 01:20 AM GMT
Report

අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ මූලික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකුද ඇතුලු 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගුරුවරයෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරය හමුවේ 18 හැවිරිදි සැකකරුද මියගොස් තිබෙනවා.

අදාළ සිසුන් වයස අවුරුදු 07 ත් 10 ත් අතර වියෙහි පසුවන්නන් බවයි අමෙරිකා වාර්තාවල දැක්වෙන්නේ.

මෙය කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න තහවුරු කරගැනීමට අමෙරිකානු බළධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery