රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සම දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවීමට නියෝග

Parliament of Sri Lanka Law and Order Latest Headlines Ramanathan Archchuna Sinhala news
By R.rishma Oct 12, 2026 08:02 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන දෙසැම්බර් 16 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, ඊට අදාළ නඩුව අද (12) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, අදාළ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් 16 වැනිදා සිදුකිරීමට නියමිතය.