දිවයින පුරා පිහිටි සියලුම පාසල් අද ඇරඹෙයි..
අධ්‍යාපන අමාත්‍යංශයෙන් පණිවිඩයක් දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා අද (03) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
මේ අතර රාජ්‍ය සේවා කටයුතු ද අද (03) දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය දා ප්‍රකාශ කළා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අදාළ උපදෙස් මේ වනවිටත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි.
ඒ අනුව අද (03) උදෑසන ජාතික ධජය ඔසවා, ජාතික ගීය වාදනය කර රාජ්‍ය සේවා දිවුරුම ලබාදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති.
කොවිඩ් ව්‍යාප්තියත් සමඟ අවස්ථා කිහිපයක දී රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |