සමාජ මාධ්‍ය කළඹමින් තවත් 14 හැවිරිදි දැරියකට 22 කේ තරුණයෙක් කළ අපරාදය.
නොච්චියාගම ප්‍රදේශයේ දාහතර හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට අඹුකමට තබාගත් විසි දෙහැවිරිදි තරුණයෙකු මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙක් වන අතර මුහුණු පොත හරහා මිතුරු වී ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු ඉකුත් 10 වන දා ඇය හමුවීමට ගොස් ඇතැයි පැවසේ.
පසුව එහිදී සැකකරු දැරිය රවටා ත්‍රිකුණාමලය ප්‍රදේශයට රැගෙන ගොස් දින දෙකක් එහි තාවකාලික නවාතැන්පොළක රඳවාගෙන නැවත ඇඹිලිපිටියේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ.
පසුව දින කිහිපයක් එහි රැඳී සිට පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ බෝඩිමකට රැගෙන විත් දැරිය එහි සඟවාගෙන සිට ඇති බවටයි පැවසෙන්නේ.
මේ අතරතුරදී දැරියගේ අතුරුදන් වීම පිළිබඳ ඇයගේ මවුපියන් නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අනුව, පොලිසිය විමර්ශන කරමින් සිටියදී දැරිය මහරගම පොලිස් වසමේ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබඳව පොලිස් නිලධාරීන් මහරගම පොලිසියට කළ දැනුම්දීම අනුව පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ බෝඩිමක රැඳී සිටි දැරිය සහ තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුව පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |