මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු අතුරුදන්..තවත් 02ක් බේරා ගැනෙයි.
වැලිගම වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් දැරියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුර අද පස්වරුවේ වෙරළට ගොඩ ගසා තිබුණා.
අප වාර්තාකරු සඳහන් කළේ, අතුරුදන් වූ 15 හැවිරිදි දැරියගේ සිරුර මෙලෙස ගොඩ ගසා තිබූ බවයි.
කෙසේ වෙතත්, දිය නෑමට ගොස් අතුරුදන් වූ 12 හැවිරිදි දැරියගේ සිරුර මේවනතෙක් සොයාගෙන නැහැ.
අතුරුදන් වූ මෙම දැරියන් දෙදෙනා සමග තවත් 14 හැවිරිදි සිසුවියක් සහ 21 හැවිරිදි තරුණියක් දියේ ගිලුණු අතර ඔවුන් බේරාගෙන පසුව ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා.
මෙම පිරිස වැලිගම - මුහුදුගම ප්‍රදේශයේම පදිංචිකාරිණියන් බවයි පැවසෙන්නේ.
මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව කුච්චවේලි - එරක්කන්ඩි කලපුවේ දියනෑමට ගිය දස හැවිරිදි දැරියක් ද ඊයේ දියේ ගිලී මියගොස් තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව එම සිසුවිය කළපුවේ දියනෑමට ගොස් ඇත්තේ ගුරුවරියක සහ ඇගේ ස්වාමිපුරුෂයා මෙන්ම තවත් පාසල් ළමයින් පස්දෙනෙකු සමඟයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |