පාසල් දැරියන් තිදෙනෙකුට ලිංගික අතවර කළ පාපතරයාට සිදුවූ දේ

Anuradhapura Sri Lanka Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Oct 13, 2022 11:16 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අනුරාධපුර පදවිය ප්‍රදේශයේ දී පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය සැප්තැම්බර් මාසයේ දී අවුරුදු 13 , 14 සහ 15 යන වයස්වල පසුවන සිසුවියන් තුන්දෙනෙකු පාසල් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් ඔවුන්ට බලහත්කාරයෙන් ලිංගික අතරවර කර පළාගොස් තිබුණා.

දැරියන්ගෙන් ලද පැමිණිලි ඔස්සේ පදවිය පොලිසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 39 හැවිරිදි වියේ පසුවන විවාහක අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now