බාල වයස්කාර දැරියක් දරුවෙක් ප්‍රසූත කරයි..එම අවස්ථාවේ සිදුවූ දේ.
Ministry of Education
Sri Lanka
By Aruna
ඌව පළාතේ පිහිටි එක්තරා බාලිකා රැඳවුම් නිවාසයක රැකවරණ ලබමින් සිටි බාලවයස්කාර දැරියක් දරුවකු ප්‍රසූත කරනතුරුම එම රැඳවුම් නිවාසයේ පාලනාධිකාරිය තොරතුරු වසන්කර ඇතැයි වාර්තා වනවා.
අධිකරණ නියෝගයක් නොමැතිව සිවිල් අධීක්‍ෂණ නියෝගයකින් පමණක් මෙම දැරිය අදාළ බාලිකා නිවාසයේ රඳවා ගෙන සිට ඇති අතර ඇය දරු ප්‍රසූතියට අදාළව කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයකට හෝ අධීක්‍ෂණ වෛද්‍ය නිලධාරියකුට ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
මෙම දැරියගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම හා අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් එම රැඳවුම් නිවාසයේ පාලනාධිකාරියට හා අදාළ තොරතුරු සැඟවීමට අනුබල දුන් බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව තතුදත්තෝ අවධාරණය කරති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |