පාසල් වාර විභාග කල් දැමේ..!
කඩදාසි හා අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් 6,7,8 ශ්‍රේණි වාර විභාග සංශෝධනයටත්, 04,09,10,11 ශ්‍රේණි විභාග අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමටත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් උපදෙස් ලබා දී තිබෙනවා.
අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ මේ වන විට මුද්‍රණ ක්ෂේත්රය තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙරට පාසල් සහ උසස් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වලට බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුකර ඇති බවයි.
මේ වන විට පාසල් පෙළ පොත් මුද්‍රණය බරපතල ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති අතර අප්‍රේල් මාසයෙන් පසුව ආරම්භ කිරීමට නියමිත නව පාසල් වාරය සඳහා අවශ්‍ය කරන පාසල් පෙළපොත් තවමත් මුද්‍රණය කර අවසන් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.
කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් විධිමත් අධ්‍යාපනයක් නො ලැබූ දරු දැරියන් මේ වසරේ ජනවාරි මාසයේ සිට නැවත ක්‍රමවත් ලෙස පාසල් පැමිණීමට පටන් ගත්ත ද ඒ වෙනුවෙන් අවශ්‍ය කරන යටිතල පහසුකම් හෝ සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ දක්වා අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කරනවා.
ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ මෙවර අයවැයෙන් රුපියල් මිලියන 4000 අධ්‍යාපනය සඳහා වෙන්කර තිබුණ ද අද වන විට දෙමව්පියන්ට නැවතත් පාසල් පෙළ පොත් මිලදී ගැනීමට සිදුව ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |