පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට

Ministry of Education Bandula Gunawardane Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 08, 2022 02:50 PM GMT
Report

ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඊට අදාළ සාකච්ඡාවක් අද පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යංශයේදීයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට අමාත්‍යංශ නිලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

රට තුල පවතින තත්වය හමුවේ දිවයින පුරා සියලු පාසල් අද දින දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කර තිබුණා.

මේ අතර, ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම් පත්‍ර භාර ගන්නා අවසන් දිනය ලබන අගෝස්තු පළමු වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ රට තුල පවතින අර්බුදකාරී තත්වය හමුවේ දෙමව්පියන්ගෙන් ලැබෙන ඉල්ලීම් සළකා බලමින් එම තීරණයට එළඹි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now