මෙරට පාසල් දරුවන් ගැන ඇහෙන හද සංවේදී කරවන පුවතක්..

Anuradhapura Sri Lanka Food Crisis School Incident Latest Headlines
By krishani Mar 17, 2024 05:24 PM GMT
krishani

krishani

in ආහාර
Report

පාසල් යන දරුවන්ගෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් 28%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.

මෙරට පාසල් දරුවන් ගැන ඇහෙන හද සංවේදී කරවන පුවතක්.. | School Children In Anuradhapura

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන්ගේ පාසල් පැමිණීම ද සැළකිය යුතු අන්දමින් අඩු වී ඇති බව එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙරට පාසල් යන දරුවන්ගෙන් 16%ක් මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවකින් හෙළිකර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.

එම සංගමය පෙන්වා දෙන්නේ ඉන් අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ දරුවන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව ය.

මෙරට පාසල් දරුවන් ගැන ඇහෙන හද සංවේදී කරවන පුවතක්.. | School Children In Anuradhapura

ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේ වනවිට ආර්ථික ගැටලු හමුවේ පවුල්වල ආදායම් මාර්ගත් බිඳ වැටීම වේ.

මේ ප්‍රදේශවල ප්‍රධානතම ජීවනෝපාය වන්නේ ගොවිතැන් කටයුතු ය.

නමුත් එය ද අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%