පාසලේදී දරුවෙක් ඔංචිල්ලාවෙන් ඇඳවැටී මිය යයි.!!
Ministry of Education
Accident
By Aruna
මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ රජයේ පාසලක සිසුවෙකු ඊයේ (අගෝ. 9) දහවල් කාලයේදී හදිසි අනතුරකින් මිය ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙම පාසල් සිසුවා පාසල් විවේක කාලය තුළ සිසුන් කිහිප දෙනෙකු සමග පාසලේ යකඩ ඔංචිල්ලාවක් පදිමින් සිටියදී එයින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි අනාවරණය වී ඇති බවයි.
මිය ගිය දරුවා වයස අවුරුදු 14ක් වූ පහළ ඉදිබැද්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොරටුමුල්ල පොලිසිය සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |