ජාතික කියවීමේ මාසය වෙනුවෙන් දිවයිනේ පුස්තකාල රැසකට සම්මාන

Sri Lanka Latest Headlines Hiniduma Sunil Senevi Sinhala news Puwath.lk
By R.rishma Nov 13, 2026 08:24 AM GMT
Report

ජාතික කියවීමේ මාසයට සමගාමීව දිවයින පුරා පිහිටි විශිෂ්ට දස්කම් දැක්වූ පුස්තකාල වෙත සම්මාන පිරිනැමීමේ උත්සවයක් පවත්වා තිබේ.

අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්විණි.

දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යනු ලබන මහජන පුස්තකාල සහ ජාතික පුස්තකාල ඇතුළු විවිධ කාණ්ඩ යටතේ විශිෂ්ටත්වයට පත් පුස්තකාල මෙහිදී සම්මානයට පාත්‍ර වී තිබේ.

සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ, මෙවර අයවැය මගින් පාඨක ජනතාව වෙනුවෙන් විශේෂ සහන රැසක් සලසා ඇති බවයි.

එම සහන හරහා ලේඛන කලාවට මෙන්ම මුද්‍රණ කර්මාන්තයට ද විශාල සේවාවක් සැලසෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.