මෙරට පාසල් සිසුන් සම්බන්ධයෙන් හෙළි වූ අලුත්ම අනාවරණය මෙන්න.

Sri Lanka Education School children Primary school children
By Aruna Dec 19, 2021 06:21 AM GMT
Report

ප්‍රාථමික සිසුන්ගෙන් බොහෝමයකට වයසට සරිලන උසත්, උසට සරිලන බරත්, නොමැති බවත් විටමින් ඒ හා යකඩ ඌනතාවයෙන් පෙළෙන බවත් පසුගිය කාලයේ කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ඒ අනුව ඉදිරියේ දී පාසල් පාදක කරගෙන පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

2021-2024 රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ සඳහන් කර ඇත්තේ දැනටමත් ප්‍රාථමික සිසුන්ගෙන් සියයට අනූවක් මෙම වැඩසටහන යටතේ ආවරණය වන බවයි.

එමගින් මන්ද පෝෂණ අනුපාතය, ක්ෂුද්‍ර පෝෂක ඌනතා අවම කර ළමුන් පාසල් පැමිණීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කළ හැකි බව සඳහන් කර ඇත.

උසට සරිලන බර නොමැති සියට විස්සක් (20.6%), යකඩ ඌනතාවයක් සීයයට පහළොවක් (15%) විටමින් ඒ ඌනතාවය සීයයට දාහතරක් (14%) හා වයසට සරිලන උස නොමැති වීම සියට හතයි දශම අටක් (7.8%) හා තරබාරුකම සීයයට දෙකයි දශම හතරක් (2.4%) ලෙසට පෝෂණ තත්ත්වයන් පිළිබඳ සිදු කළ පරීක්ෂණයක දී හෙළිකර ගෙන තිබේ.

චමින්ද සේනාරත්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now