ළමයි ඇවිත් ගුරුවරු නාපු පාසලේ උණුසුම් තත්ත්වයක්..
කැබිතිගොල්ලෑව - කෝන්ගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ ළමයින් ඊයේ පාසලට පැමිණියත් කිසිදු ගුරුවරයෙකු එහි නො පැමිණි බව වාර්තා වනවා.
ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා පාසල් පැමිණ නො තිබූ අතර, පසුව දරුවන් පාසලෙන් රැගෙන යාමට යි දෙමාපියන් කටයුතු කර තිබුණේ.
අනතුරු ව එම ස්ථානයට පැමිණි කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයෙකු දෙමාපියන්ට පවසා තිබුණේ, පාසලට පැමිණෙන මාර්ගය අබලන් වීම නිසා ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා ඇති බවට යි.
මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නැවත පාසල් පැමිණෙන බව ගුරුවරුන් ප්‍රකාශ කර තිබෙනවා.
කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරියා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්වයක් ද හටගත්තා.
පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන කෝන්ගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 140ක් පමණ සිටින අතර විදුහල්පතිවරයා සමඟ ගුරුවරුන් හත්දෙනෙකු ඉගැන්වීමේ කටයුතුවල නිරත වනවා.
කෙසේ වෙතත් විදුහල්පතිවරයා ඊයේ පාසල් පැමිණ තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |