හෙට සිට යළිත් ඇරඹෙන පාසල් කටයුතු - අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්ගෙන් ප්‍රකාශයක්..!
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියලුම සිසුන් හෙට (14) දිනයේ සිට සාමාන්‍ය පරිදි කැඳවීමට නියමිතව තිබේ. ඊට අදාළව පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පසුගියදා චක්‍රලේඛයක් ද නිකුත් කර තිබුණි.
අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ඊ.ඩබ්ලිව්.එල්.කේ. එගොඩවෙල මහත්මිය පැවසුවේ, කොවිඩ් අවදානම පවතින පාසල්වලට අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර සිසුන් කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ හැකියාව පවතින බවය.
"පසුගිය වාරයේ නිවාඩු දෙන්න වෙනකොට පාසල්වල කොරෝනා තත්ත්වය ටිකක් බරපතළ තත්ත්වයේ තිබුණු නිසා මේ වාරය ආරම්භ කරද්දී තීරණය කළා පංතිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්පූර්ණයෙන් ගෙන්නන්නේ නැතුව පංතියක 40ක් ඉන්නවා නම් කාණ්ඩ දෙකක් වශයෙන් පාසලට ගෙන්නන්න. 40ට වඩා වැඩි නම් කාණ්ඩ 3ක් වශයෙන් ගෙන්වන්න .
එහෙම නැතිනම් ඉඩකඩ තියෙනවා නම් පාසල් ප්‍රධානින්ට සුදුසු විදියට පියවර ගන්න නිවේදනය නිකුත් කළා. පසුගිය සතිය තුළ ඒ අනුව පාසල් පැවැත්වුවා. දැනට ඒ සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇති නොවන නිසා මේ සතියේ සිට සියලුම දරුවන් පාසල්වලට ගෙන්වීමට අදාළ උපදෙස් පාසල් ප්‍රධානීන්ට නිකුත් කළා. කිසියම් පාසලකට සුවිශේෂී ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකයෙන් උපදෙස් ලබාගෙන කටයුතු කරන්න දන්වලා තියෙන්නේ."
මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |