ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල වැඩි කෙරේ.

Ministry of Education Ranil Wickremesinghe G.C.E. (O/L) Examination Education
By Wayomi Jan 28, 2024 08:54 AM GMT
Report

2021 (2022) වර්ෂයේදී පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව වැඩි කර තිබෙනවා.

ඒ, අනුව එය 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙනවා.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී අත්න්ජි බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල වැඩි කෙරේ. | Scholarships From The President S Fund

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මග පෙන්වීමෙන් ජනාධිපති අරමුදල ශිෂ්‍යත්ව ලබා ‍දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වෙසෙන ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික දුෂ්කරතා ඇති දරු දැරියන් හඳුනාගෙන ඔවුන්ගේ ඉදිරි අනාගතය යහපත් කිරීමේ අරමුණින්.

2021/2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්වලාභීන්ට මේ වන විට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ගෙවනු ලබන අතර මෙතෙක් මාසික වාරික 10ක් ගෙවා තිබෙනවා.

ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල වැඩි කෙරේ. | Scholarships From The President S Fund

මේ අනුව ශිෂ්‍යත්ව මුදල ඉහළ නැංවීමත් සමග 2024 පෙබරවාරි මාසයේ සිට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් අදාළ ශිෂ්‍යත්වලාභීන් වෙත රුපියල් 6,000ක මාසික දීමනාවක් සැම මසකම පළමු සතිය තුළ ජනාධිපති අරමුදල වෙතින් ලැබෙනු ඇති.

මීට අදාළව ඉදිරියේදී යාවත්කාලීන කරනු ලබන තොරතුරු කඩිනමින් දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස් බුක් පිටුව www.facebook.com/president.fund හා නිල යූටියුබ් නාලිකාව www.youtube.com/@PresidentsFund සහ www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකියි.

                                                                                       Sponsored By Sarrita Jewellery

ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල වැඩි කෙරේ. | Scholarships From The President S Fund