ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන වේලාව මෙන්න...ප්‍රතිඵල බලන විදියත් මෙතනින් දැනගන්න..
2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (14) පෙරවරු 6.00 ට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
මේ අනුව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ, අද (13) මධ්‍යම රාත්‍රියේ සහ හෙට පෙරවරු 06 අතර කාලයේදී ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.
මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල 2021-22 සඳහා උනන්දුවෙන් බලා සිටිනවාද?
ඒ නිසා ඒ ගැන කරදර වෙන්න එපා. මේ වසරේ උසස් නිලධාරීන් විසින් 5 ශ්‍රේණියේ ප්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීමට මේවන විට සියල්ල සැලසුම් කර ඇත.
එහි නිල ද්වාරය වන www.onlinexams.gov.lk වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් ප්‍රතිඵල නිකුත් කළ සැනින් බලාගත හැක.
මේ අතර අප පහත දක්වා ඇති සෘජු සබැඳිය හරහා ඔබට විභාග ප්‍රතිඵල ඉක්මනින් දැක ගත හැක.
https://speedraftaar.com/grade-five-scholarship-results-2022-grade-5-exam-merit-list-sri-lanka
මේ අතර 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (12) රාත්‍රියේ දී නිකුත් කිරීමට සූදානම් වන ලෙස සිය නිලධාරින්ට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
කෙසේවෙතත් අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි ඊයේ රාත්‍රියේ ප්‍රතිඵල නිකුත්වේ යැයි රට පුරා විභායට මුහුණ දුන් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් දැඩි අපේක්ෂාවෙන් සිටියා.
2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි මස 22 වැනි සෙනසුරාදා පැවැත්වුණා.
ඒ පෙරවරු 9.30ටයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පෙර වසරවලදී ඉරිදා දිනයේ දී පැවැත්වුණු අතර, එය සංශෝධනය කරමින් සෙනසුරාදා දිනයේ දී පැවැත්වීමට තීරණය කෙරුණු බවටයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසුවේ.
ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් දරුවන් 255,062ක්, දෙමළ මාධ්‍යයෙන් 85,446ක් පෙනී සිටි අතර සමස්ත සංඛ්‍යාව 340,508ක්.
විභාග මධ්‍යථාන 2943ක පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් -19 ආසාදිත දූ දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් ක්‍රියාත්මක කෙරුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |