වස විස නැති සොසේජස් පොලොස් වලින් ගෙදරදිම හදමු...
Sri Lanka
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
පොලොස් කියන්නේ ලොකු කුඩා හැමෝම ආසාවෙන් කන කෑමක් කොස් ගහේ සෑම කොටසකින්ම කුමක් හෝ කොටසකින් වුනත් විවිධ ආහාර හදන්න පුළුවන් පොලොස් වලින් මොන කෑම සෑදුවත් රස වගේම ගොඩක් ගුණයි. ඒ නිසා වස විස නැති සොසේජස් පොලොස් වලින් හදන්න මෙන්න රෙසිපි.
අවශ්‍ය ද්‍රව්‍ය-
- පොලොස්
- ගොරකා
- කහ
- චොප් කරගත් ළූණු
- චොප් කරගත් අමු මිරිස්
- ගම්මිරිස් කුඩු
- ලුණු
- මිරිස් කුඩු
සාදන අයුරු -
- පොලොස් වලට ලුණු, මිරිස් කුඩු , කහ සහ ගොරකා එක් කරල හොඳින් තම්බාගන්න. තම්බාගත් පොලොස් වලට ඉතිරි චොප් කරගත් ළූණු, චොප් කරගත් අමු මිරිස්, ගම්මිරිස් යන සියල්ල දමා හෝදින් අඹරගන්න. පසුව මිශ්‍රණය කපා ගත් පොලිතින් මත තියලා සොසේජස් හැඩයට සකසාගෙන, පොලිතින් එකෙන් ආවරණය කරලා දෙපැත්තෙන් රබර් බෑන්ඩ් යොදන්න පුලුවන් මේ විදිහට සකසා ගත් සොසේජස් විනාඩි පහක් දහයක් ජල වාෂ්පයෙන් තම්බාගෙන සිසිල් වන්නට තියලා තමයි පොලිතින් ඇසුරුම ඉවත් කරන්නෙ. පසුව අධි ශීතකරණයේ දවස් තුන හතරක් පමණ කල් තියාගන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |