වාහන අංක තහඩු ප්‍රමාද වූ අයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සුබ ආරංචියක්

Sri Lanka Department of Motor Vehicles Latest Headlines Sinhala news
By Aylin Zoya Sep 09, 2026 04:11 PM GMT
Report

ප්‍රමාද වී ඇති සියලුම වාහන අංක තහඩු ඉදිරි මාස හයක කාලය තුළ ලබාදී අවසන් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දැනට ප්‍රමාද වී ඇති සියලුම අංක තහඩු ලබාදීමෙන් අනතුරුව නව ක්‍රමවේදයක් යටතේ වාහන ලියාපදිංචි කිරීමෙන් සතියක් ඇතුළත අංක තහඩු ලබාදීමට කටයුතු කරන බවයි.

අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, දැනට පවතින අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය අවසන් කිරීමෙන් පසු නව වාහන ලියාපදිංචි කරන පුද්ගලයන්ට කඩිනමින් අංක තහඩු ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.