වැඩි වියදමක් නැතිව ගෙදරදිම සව් පුඩින් හදමු...
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
sago palm නැමති තාල වර්ගයට අයත් ශාකයක කඳේ මැද ඇති පිටි සාර මිදුලුමය කොටසින්සහ එම ගස් වල හැදෙනා ගෙඩියේ මදයේ පිෂ්ඨමය කොටස නිස්සාරණය කර ගැනීමෙන් තමා සව් හදන්නේ. අපට නම් පැණි රස ආහාරයක් ලෙස හෝ ඖෂධිය පානයක් ලෙස භාවිතා වුනත් ඇතැම් රටවල පිෂ්ඨය ලබා ගැනීමට ආහාරයේ මුලික අංගය ලෙස භාවිතා වෙනවා. ද අපි කියලා දෙන්න හදන්නේ සව් පුඩිං හදන විදියයි.
අවශ්‍ය ද්‍රව්‍ය -
- සව් 100g
- රුලං 100g
- උකු පොල්කිරි කෝප්ප 3ක්
- කෝන්ෆ්ලා කෝප්ප 1/2ක්
- සීනි කෝප්ප 1/2
- ලුණු
සාදන අයුරු -
- පොල්කිරි වලින් කාලක් වෙන් කරලා ඒකට කෝන්ෆ්ලා දාලා දියකරන්න. අනෙක් කිරි ටික ලිපේ තියලා රත් කරගන්න පසුව ඊට සව් සහ රුලං ටිකත් එකතු කරගන්න. පෑන් එකට රස අනුව ලුණු දාලා සීනි දාලා ලිපේ තියන්න. දැන් කිරි එක කැටි ගැහෙන්න නොදී හැඳිගාගන්න. මදගින්නෙ හැඳිගාන්න.
- කිරි ටික නටනකොට ගින්දර අඩු කරගන්න. දැන් මේකට කෝන්ෆ්ලා මික්ස් එක දාලා හොඳට හැඳිගාන්න. හොඳට තික් උනාම ලිපෙන් බාලා බටර් ගාගත් මෝල්ඩ් එකකට දාගන්න. නිවෙන්න තියලා පැය 2-3ක් ෆ්‍රිජ් එකේ තියලාකෑමට ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |