Back
Desktop
ශ්‍රී ලංකාව
ලෝකය
සිනමාව
ක්‍රීඩා
තාක්ෂණ
ගොසිප්
වෙනත්
ජීවන රටාව
ආධ්‍යාත්මිකත්වය
ව්‍යාපාරික
ජෝතිෂ්‍ය/ලග්න පලාපල
ගණන් උස්සපු සබන් වෙනුවට සබන් ගසක් හොයාගමු.
Sri Lanka
By Wayomi
May 05, 2022 01:05 PM GMT
Wayomi
in
රචනා
Report
Report this article
×
Name
Email
Describe the Issue
Share
0
Shares
සුවඳ සබන් ඇඟ ගලා නාපු කාලේ ගියා. සබන් මිලත් අහස උසට නැග්ග නිසා ඇඟේ ගාන්න, රෙදි සොදන්නවත් සබන් කෑල්ලක් ගන්න පුළුවන් කාලයක් නෙවෙයි මේ. හැබැයි සබන් ගණන් ඉස්සුවට සබන් ගසක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඉතින් මේ කියන්න යන්නේ සබන් ගස ලෙස හඳුන්වන ගස් පෙනෙල ගැනයි. ඉස්සර පැරැන්නන් නාන ලිං, තොටුපොළ වල් අසල මේ ශාකය වවා ගත්තා. ඒ, තම සබන් අවශ්‍යයතාවය පිරිමසා ගන්න.
ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් වන ගස් පෙනෙල ඉන්දියාව, බෙංගාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකා වගේ රටවල් වලින් හොයාගන්න පුළුවන්.මෙය Sapindaceae කුලයට අයිති ශාකයක්.
ගුණ
* ගස් පෙනෙළ ගෙඩි වලින් සකස් කළ පෙණ දැවිලි ඇති වූවිට ආලේප කිරීමෙන් වේදනාව අඩු වෙනවා.
* වමන, විරේචන, ගුණ ඇති නිසා බඩේ අමාරු සහ විවිධ පණු රෝග වලට යොදාගන්නවා.
* රුධිරය පිරිසිදු කිරීමේ ගුණය හේතුවෙන් රක්ත දූෂිත රෝග සඳහා ගැනෙනවා.
* කාස, ශ්වාස රෝග වලදී සෙම් ඉවත් කිරීමට යොදාගන්නවා.
* සියලු විෂ වර්ග නැසීමසඳහා වමනකාරක් ලෙසත් භාවිතා කරනවා.
* කුෂ්ඨ නාසන ගුණය නිසා කුෂ්ඨරෝග වලදී යොදාගන්නවා.
* විශේෂම දේ තමයි මේවා ගස් පෙනෙල ශාකයේ ගෙඩි සබන්, ෂැම්පු වගේ පිරිසිදුකාරක සඳහා යොදාගැනීම.
* කාලයක ඉඳලා රන්, රිදී භාණ්ඩ නිපදවන්නන් ඒවා ඔප දමන්න මේවා භාවිතයට ගත්තා.
ඔබට ගස් පෙනෙල ශාකයක එහි ගෙඩි හොයාගන්න පුළුවන් නම් රෙදි ෂැම්පු, සබන් සහ hair gel එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
ගස් පෙනෙළ ෂැම්පු
- ගස් පෙනෙළ ගෙඩි කිහිපයක් ගෙන ( කැමති ප්‍රමාණයක්) පොතු ඉවත් කරගන්න
- එම ගෙඩි වලට වතුර එකතුකර විනාඩි 10 ක් පමණ තම්බා ගන්න.
- වතුර කහට පාට වුණාට පස්සේ ලිපෙන් ඉවත් කරලා ඒ වතුර ටික පෙරාගන්න.
- ඊට පස්සේ එය නිවෙන්නට ඇරලා හොඳින් බීට් (බෙලෙන්ඩ්) කරන්න.
- ලස්සනට පුළුන් වගේ පෙණ ගොඩාක් තියෙන ෂැම්පු එකක් හැදෙනවා .
- මේක දැන් ශීතකරණයේ දාලා ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
හිසකෙස් ආශ්‍රිතව ඔබට තියෙන සියළු රෝගවලට මේක හොඳ බෙහෙතක්. කන්ඩිශනර් කළා වගේ තමා ඉතින්.
හෙයාර් ජෙල් එකකුත් හදාගමුද?
- ගස් පෙනෙළ ගෙඩියේ පොත්ත ටික වෙලාවක් වතුරෙ දාල තියලා අත් දෙකට මැදි කරල චුට්ටක් පොඩි කරන්න.
- එතකොට පෙණ සහිත දියරයක් එනවා.
- ඒක ඔලුවෙ ගාන්න.ගාලා වේලුනාම හෙයා ඩ්‍රයර් එකකින් සකස් කරගන්නත් පුළුවන්.
ඔබේ වත්තේ පිටියේ හෝ අවට ප්‍රදේශයේ ගස් පෙනෙල ගෙඩි හොයාගන්න නැත්නම් බෙහෙත් බඩු කඩවලින් ගන්නත් පුළුවන්.
තව දුරටත් රචනා පුවත් කියවීමට මෙතන ක්ලික් කරන්න
අද සිදුවූ බිහිසුණු කේඩීයූ අනතුර ගැන බදුල්ල රෝහලේ අධ්යක්ෂවරයා තැබූ සංවේදි සටහන...(PHOTOS)
කිරි අම්මා දානයකට නිවැරදිව කිරිඅම්මා කෙනෙක් තෝරාගන්නේ කොහොමද ? - හරියටම කිරිඅම්මා දානයක් කරන්නේ මෙහෙමයි.
ඔයත් ෆෝන් එක බැක් කවරෙත් තියෙද්දිම චාජ් කරනවද..? චාර්ජ් කරද්දී මේ වැරදි කරනවනම් ෆෝන් එකේ ආසාව නැති කරගන්න..
සිරස්තල
ජනප්‍රිය
විශේෂාංග ලිපි
කටට රස ඇඟට ගුණ ප්‍රෝටීන් පිරුණ සොසේජස් ගෙදරදිම හදමු පරිප්පු වලින්?
මාස 2 කට පෙර
විශේෂ පුවත්
ලිංග පරිවර්තනය වන්නේ ද කර්ම නිසයි...!!! අමුතුම ලිපියක්
එකවර කොල්ලෝ 5ක් කාන්තාවක් දුෂණය කරයි... ගැහැණු අය පරිස්සමෙන්
අවසන් මොහොතට පෙර පෑන අතට ගත් චරිත්
ඉන්දු ලංකා ගිවිසුමෙන් අවි ගබඩාවක් ලංකාවට?
ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි