හවස තේ මේසෙට රසම රස පාන් රෝලෝ ගෙදරදිම හදාගමු...
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
අවශ්‍ය ද්‍රව්‍ය -
- පාන් පෙති 5
- චීස් පෙති 5
- බැදගත් කුකුල් මස් පෙති 5
- බටර්
- සලාද කොළ
- කුඩාවට ගා ගත් කැරට්
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට
සාදන අයුරු -
- පාන් පෙති වල වට කපා ගන්න. රෝලර් පින් ෆ්ලැටන් එකක් යොදාගනිමින් පාන් පෙති රෝල් කරගන්න. මෙය දිගුකර ගැනිමට පාන්පෙත්තේ අගිස්සේ වතුර ස්වල්පයක් ගා අනික් පාන් පෙත්ත තබා අලව ගන්න එසේ පාන් පෙති සියල්ලම එක මත එක තබා අලව ගන්න. පසුව පාන් පෙති වල බටර් තවරා ගන්න. සලාද කොළ, කුකුල් මස් පෙති සහ චීස් පෙති ඒ මත තබන්න. කුඩා කැබලි වලට කපා ගත කැරට් පාන් පෙති මත අතුරන්න. ඒ සියල්ල සමග පාන් පෙත්ත රෝල් එකක් ආකාරයට රෝල් කරන්න. පසුව එය කැමති ප්‍රමාණයට කපා, පිළිගන්වන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |