සමහරු මට ඇඟිල්ල දික් කරාට මන් තාමා ලංකාවේ පලවෙනි ලාබාලතම විශාරදවරිය.එතකොට මට 16යි - සමිතා මුදුන් කොටුව (PHOTOS).

Super Singer Gossip Today
By Sithumi May 12, 2022 06:06 PM GMT
Report

සමහරු මට ඇඟිල්ල දික් කරාට මන් තාමා ලංකාවේ පලවෙනි ලාබාලතම විශාරදවරිය.එතකොට මට 16යි. පසුගිය දිනවලදී කා අතරත් කතාබහට ලක්වුණු ජනප්‍රිය ගායන ශිල්පිනියක් සමිතා මුදුන්කොටුව කියන්නේ.

රේක්ෂකයන්ගේ නොමද ආදරය ලද මියුරු කටහඩක් හිමි ගායිකා සමිතා මුදුන්කොටුව හට ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොමදව ලැබෙන බව අපි හොඳටම දන්නා දෙයක්.ඉතින් ඒ පහුගිය කාලේ අපේ රටේ වැඩිපුර කතා බහට ලක්වූ ආන්දෝලාත්මක පුවත තමයි සමිතා මුදුන්කොටුව අපේ රටේ සංස්කෘතියට නොගැලපුනත් ඇයට වඩා වයසින් ගොඩක් බාල ලාබාල පෙම්වතෙක් සමගින් විවාහවීමේ සිද්දිය.

ඉතින් මේ සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා විවිධ කතා කියලා තියනවත් අපට අහන්නට දකින්නට ලැබුණා. සමහරෙක් ඔවුන්ට බනිද්දී සමහරෙක් ඔවුන්ව අගය කරා.ඉතින් ඒ මොනවා කිවත් සතයකට මායිම් නොකර ඔවුන් ඔවුන්ගේ ජීවිතය විදිමින් සිටිනවා.ඉතින් ඒ වගේම තමා සමිතාගේ පළමු සැමියා අතුල අධිකාරී කියන්නෙත් අපේ රටේ සංගීත ශේෂ්ත්‍රයට නැතුවම බැරි දක්ෂ ගයන ශිල්පියෙක් ඉතින් ඔහුත් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන දශ ගායකයෙක් වගේම මේ වන විට දක්ෂ රංගන ශිල්පියෙක්ද වනවා.

ඒ වගේම අතුල සහ සමිතා අතරත් මිනිස්සු හිතන තරම් ප්‍රශනයක් නැහැ. තාමත් හොඳින් කතාබහ කරනවා සුහදව හමුවෙනවා, සමිතා වගේම දරුවන් ගැනත් අතුල හොයලා බලනවා.ගායන ක්ෂේත්‍රය තුළ සමිතා මුදුන්කොටුව කියන්නේ වෙනම අනන්‍යතාවක් ගොඩනගා ගත්තු එදා වගේම අදටත් ඒ ජනප්‍රියතාවය ඒ ආකාරයෙන්ම රැකගෙන ඉන්න දක්ෂ කලා කලාකාරිනියක් ඒ වගේම ඇය සංගීත විශාරද වරියක්. 

ඇයගේ ජීවිතය විවේචනය කරන බොහෝ දෙනෙක් සමිතා මුදුන්කොටුව කියන මේ මහ දැවැන්ත චරිතය ඇතුලෙ සැඟවිලා තියෙන මේ සුන්දර කතා පිළිබඳව දන්නේ නැහැ. ඉතින් ඇය එක්තරා ගීතමය වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවක මේ සුන්දර මතකය හුවමාරු කරගෙන තිබුණේ ඇගේ වචනවලින් මේ විදිහටයි“මගේ අම්මා තමයි හෙවනැල්ල වගේ මගෙ ඉගෙනීම පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය පැත්තෙන් හිටපු කෙනා. 

මගේ තාත්තා මට සංගීතය හැදෑරුවා. හැබැයි උත්සහය මගේ අම්මගේ.ඉතින් අවුරුදු එකොළහේදී මට ඕනි වුනා උපාධියක් කරන්න. ඒ හින්දා තමයි මම අවුරුදු 11දි පලවෙනි පියවර තැබුවේ සංගීත උපාධියට. මම අවුරුදු දාසයේදී ඒ උපාධිය අවසන් කළා. ඊට පස්සේ ලංකාවේ පලවෙනි ලාබාලතම සංගීත විශාරදවරිය වුණා ඒ අවුරුදු ගානෙම අධි සාමාර්ථ ඇතිව.


GalleryGallery