තංගල්ල වෙඩි තැබීමෙන් පක්ෂ නායකයකුත් ජීවිතක්ෂයට..!

Sri Lanka Police Investigation Crime Gun Shooting Latest Headlines
By Sewvandhi Jan 22, 2024 06:08 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර සිටින බව වාර්තා වේ.

උදෑසන 8.30ත් 8.40ත් කාලයේ මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

Sponsored By Sarrita Jewellery

තංගල්ල වෙඩි තැබීමෙන් පක්ෂ නායකයකුත් ජීවිතක්ෂයට..! | Saman Perera Died By Gun Shot Tangalla