යාළුවොත් එක්ක වැඩිහිටි කන්ද නැග්ග කඩවසම් සරසවි තරුණයා හදිසියේ මරුට.

Accident Education Trip Salitha Dilshan Katharagama edihiti kanda Sabaragamuwa university
By Aruna Jan 27, 2022 04:18 AM GMT
Report

වැඩිහිටි කන්කන්ද වැඳපුදා ගැනීමට ගිය සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි තෙවන වසරේ සිසුවකු හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි රෝහල් පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ සලිත දිල්ශාන් නම් 28 හැවිරිදි අම්බලන්ගොඩ උස්මදුලාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

තවත් සිසු සිසුවියන් 18 දෙනකු කතරගම වැඩිහිටි කන්ද වැඳපුදා ගැනීමට ගොස් ඇති අවස්ථාවේ උඩමළුවට ආසන්නයේ දී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කතරගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී ද එම සිසුවා මිය ගොස් ඇති බව වෛද්‍යවරයා සඳහන් කළ බව පැමිණි සිසුන් වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now