සියලු මන්ත්‍රීවරුන්ගේ සැබෑ මුහුණ හෙළි වන දිනය සජිත් කියයි..
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ මුහුණුවර හෙළිවනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
සමගි ජන බලවේගයේ නායකයා අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, රටේ අසාර්ථක දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් කිසිවක් වෙනස් කිරීමට “පළපුරුදු” දේශපාලනඥයන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පසුගියදා නියෝජ්‍ය කථානායකවරයා සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමෙන් ඔප්පු වී ඇති බවයි.
අපගේ අසාර්ථක දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් කිසිවක් වෙනස් කිරීමට අවශ්‍ය නොවන බව ඊයේ පැවැති නියෝජ්‍ය කතානායකවරයා තෝරාගැනීමේ ඡන්දයේ දී හොඳින් ඔප්පු කිරීමට අපගේ පරිණත දේශපාලඥයින් පාර්ලිමේන්තුව තුළදී ම සමත් වුණා. ඒ ඊට දින කිහිපයකට පෙර ඉල්ලා අස්වී නැවතත් එම තනතුරු සඳහා තරග කළ නියෝජ්‍ය කථානායකවරයාට පක්ෂව ඡන්දය භාවිත කරමින්.
ඇත්ත වශයෙන්ම, ඔවුන් පවතින තත්ත්වය පවත්වා ගැනීමට ඕනෑම පාවාදීමක් කරන්නට නොපැකිළෙන බවට මීටත් වඩා සාක්ෂි සාධක කුමකට ද? විපක්ෂය ලෙස අප විරුද්ධ වන්නේ මෙම සංස්කෘතියට, දිනෙන් දින වැහැරී යන ස්වාධීනත්වයට, මෙම ක්‍රමය නිවැරදි කරන දේශපාලන උපාය මාර්ගයක් සොයා ගන්නා තුරු අපි අඛණ්ඩව සටන් වදිනවා.
එහි ඇති තිත්ත ඇත්ත සෑමවිටම හෙළිදරව් කරනවා. මේ සඳහා සමගි ජන බලවේගය අඛණ්ඩව පෙනී සිටින බව ඔබට කිව යුතුයි. ඉදිරියේදී තවත් මේ ආකාරයෙන්ම තවදුරටත් සත්‍යය හෙළි හෙළිදරව් වනු ඇති. වත්මන් නායකත්වයට පක්‍ෂව ඡන්දය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එසේ කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහා යි.
එහෙත් මෙම දූෂිත පාලනයට ආවඩන සහ එම පැවැත්ම තෝරාගන්නා අය නුදුරේදීම සමාජයට හෙළිවනු ඇති. එක එක්කෙනාට අවශ්‍ය පරිදි අන්තර්වාර ආණ්ඩුවකට එක්වන්නට අපිට කිසිම උවමනාවක් නැතුවා සේම මේ වන විට තනතුරු ආරක්ෂා කරගැනීමට වෙර දරන කාගේ හෝ තනතුරු ආරක්ෂා කර දීමටත් අපට කිසිදු අවශ්‍යතාවක් නැහැ.
තවදුරටත් දූෂිත හා අකාර්යක්ෂම රජයකට සහාය දීම සඳහා අප සූදානම් නැති බව කියා සිටිය යුතු අතරම ඒ වෙනුවෙන් තවදුරටත් කිසිදු පරිත්‍යාගයක් සිදු කිරීමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බවත් පැවසිය යුතුයි.
රාජපක්ෂලා ආරක්ෂා කිරීමට සමගි ජන බලවේගය කැප නොවන්නා සේම සිය පක්ෂය කිසිවිටකත් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බව අවධාරණය කළ යුතුයි. රට ඉදිරියට යාමට නම් මේ මොහොතේ සිදු විය යුත්තේ එක් දෙයක් පමණයි එනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |