සජිත්ට හදිසියේම හමු වූ විශේෂ ලිපිය..!

Parliament of Sri Lanka Maithripala Sirisena Sajith Premadasa Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi May 05, 2022 04:15 PM GMT
Report

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය මතය දක්වමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් අද භාර දී තිබේ.

මන්ත්‍රීවරු ඉන් පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ සාතිශය බහුතර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බැවින් එය ඉල්ලා අස්විය යුතු බවද එසේ නොවන්නේ නම් ඉවත් කළ යුතු බවද සිය විශ්වාසය බවය.

නමුත් විශ්වාසභංග යෝජනාවක් හරහා ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු රට පාලනය කරන ක්‍රමවේදය පිළිබඳ සමගි ජන බලවේගයට අදහසක් තිබිය යුතු බව එහි දැක්වෙයි. මෙහිදී ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම යෝජනා දෙකක් ඉදිරිපත් කරන අතර පළමු යෝජනාව ලෙස ඔවුන් දක්වා ඇත්තේ සර්ව පාක්ෂික ජාතික එකඟතා ආණ්ඩුවට සමගි ජන බලවේගයද දායක වීමය.

අනෙකුත් දේශපාලන බලවේග සමඟ කටයුතු කිරීමට සමගි ජන බලවේගය අකමැති නම් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය විසින් ආණ්ඩුව භාර ගැනීම දෙවන යෝජනාව ලෙසත් ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදීම සඳහා, එම විකල්ප දෙකෙන්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විකල්පය කුමක්දැයි කඩිනමින් දැනුම් දෙන ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery