"..තාන්නමාන්න පට්ටම් වලට අපි රැවටෙන්නේ නෑ - මේ තියෙන දේවල් ඔක්කොම අතහැරලා ජනතාව එක්ක එකතු වෙන්න මම සූදානම්.." විපක්ෂ නායක
ගාලු මුවදොර විරෝධතාවයේ නිරත ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වන ගුණ අනුස්මරණය වෙනුවෙන් සංවිධාන කළ වැඩසටහනට අද (01) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ පිළිබඳ අදහස් පළ කළේය.
"අපි පැහැදිලිව කියන්නට කැමතියි, ගෝල්ෆේස් ජන අරගලයේ විරුවන් ඒ අයගේ ප්‍රාර්ථනාව මොනම ආකාරයෙන්වත් විකෘති කරන්නේ නැතුව එතුමන්ලාගේ පැතුම ඉටුකරන්නට අපි සැදී පැහැ දී සිටිනවා. මොන වරධානයක්, මොන තාන්නමාන්න පට්ටන් දුන්නත් අපි ඒවට රැවටෙන්නේ නැහැ. ප්‍රතිපත්තිගරුකව අපි සූදානම් බලය අත්හරින්නට. හැබැයි එකක් මම කියනවා, මේ පිළිරුව ළඟ ඉඳගෙන මගේ පියාණන්ව මට ජීවමානව පේනවා.
ඔය අන්තර්වාර දූෂිත ආණ්ඩුවලට අපි කිසිම දවසක සූදානම් නැහැ. ජනතාව අපිව ප්‍රතික්ෂේප කළොත් අපි සූදානම් ජනතාව කියන මතයේ සිටින්න. මේ ජනාධිපති, අගමැති, විපක්ෂනායක මේ තනතරු තඹ සතේකට වටින්නේ නැහැ. ලක්ෂ 220ක් අපේ රටේ ජනතාව දුක් විඳිනවා මොන ජනාධිපතිකම් ද ? මොන අගමැතිකම්ද ? මොන විහිළුද ? මොන විපක්ෂ නායකකම් ද ? අසන්නෝ හොඳින් අහන්න.
තොප්පිය දාගන්නට ඕනේ කට්ටිය ඕන විදිහට තොප්පිය දාගන්න. එක එක දේශපාලන සූදූවලට එන්නට මට තර්ජනය කරන්න එපා. තර්ජනවලට මම බය වෙන්නේ නැහැ. දේශපාලනයෙන් විශ්‍රාමයන්නත් මම බය වෙන්නේ නැහැ. හැමෝම හොඳට අහගන්න. මේ තියන දේවල් ඔක්කොම අත්හැරලා මම සූදානම් සිවිල් පුරවැසියෙක් හැටියට ජන අරගලයට යන්න. ඒකට මම සූදානම්."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |