චීන සැමන් ගැන බිහිසුණු අනාවරණයක් - ලේබලේ මේ දේවල් තිබේදැයි බලන්න
ජාතික පාරිභෝගික පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් චීනයෙන් ආනයනය කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ගයක් පිළිබඳව අනාවරණය කළේය.
චීන සැමන් වර්ගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබියදීත් වෙනත් ලේබලයක් යටතේ වෙළෙඳපොළට නිකුත් ඇතිකර බවයි, ජාතික පාරිභෝගික පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ.
"චීනයෙන් ආනයනය කරනවා සැමන් වර්ගයක්. ඒවායේ මාළු වෙනම වළලන්නත්, ටින් වෙනම වළලන්නත් අණ කරලා තියෙනවා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය. මේ වෙනකොට ඒක වෙනත් ලේබලයකින් කොහොමද වෙළෙඳපොළට ආවේ.
ආනයනික චීන සැමන් එක 2021.03.28 තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2024.03.28 තමයි කල් ඉකුත්වීමේ දිනය තියෙන්නේ. මේකේ ලේබල් එකත් මාරු කරලා තියෙන්නේ. මේක බලන අයට පුළුවන් මේක මිනිස් පරිභෝජනයට සුදුසු ද නැතිද කියලා තෙරුම්ගන්න."
එහිදි අදහස් දැක්වූ ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා,
"2014 වසරේදී ආරක්ෂිත ස්ටිකරයක් භාණ්ඩවලට ඇලවීමට ගිවිසුමක් අත්සන් කරනවා මේගොල්ලෝ සුවිස්වල. මේ ගිවිසුම ක්‍රියාත්මක නොවීම නිසා ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. එකේදි සිදුවෙලා තියෙනවා පාරිභෝගික අධිකාරියේ කෝටිගානක් ගෙවන්න.
දැන් මේ පාරිභෝගික අධිකාරියේ අම්මා අප්පාගේ සල්ලි නෙමේ මේ රටේ අහිංසක කඩකාරයොන්ට දඩ ගහලා ගත්ත මුදලින් තමයි මේ කෝටි 2යි ගාණ ගෙවලා තවත් කෝටි 5යි ගාණක අනුමැතියක් දිලා තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය. ඇමතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි."